යාපනයේ සංචාරය........
අවරුදු 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමාවීමත් සමග යාපන පුරවරයට යන ජනතාව ඉතා අධික විය.ඒ යාපනයේ නැරබිමට තිබෙන ස්ථාන යම් කිසි වැදගත් කමකින් උසුලන නිසාය.එනම් නාගදීපය,නල්ලුර් කෝවිල,කයිට්ස් ,ඩෙල්ෆ් දුපත්,යනාදිය ස්ථාන වේ.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය විසින් ඔවුනගේ ක්ෂේත්‍ර චාරිකාව ලෙස තෝරා ගැනුනේද යාපනය වේ.2012.08.27 දින ජනමාධ්‍ය විද්‍යාලය අසලින් උදැසන 8.00 ට පමණ යාපනය බලා ජනමාධ්‍ය සිසුන් ගමන් ආරම්භ කලහ.අතරමගදී උදැසන ආහාරය කුරුණෑගලින් රැගෙන අනුරාධපුර ප්රදෙශ්යට දිවා ආහාරය සදහා පැමිනියේය.නැවතත් ගමන් ඇරබු අප යාපනය නවාතැන් ගැනීමට බලාපොරොතු වන හෝටලයට පැමිණෙන විට රාතී 10.00 පමණ විය.
මෙම චාරිකාව යෑමට පෙර අපගේ ආචරමණ්ඩලය සිසුන් කණ්ඩායම් 6 කට බෙදා ඔවුනොවුනට එක් මාතෘකාව බැගින් ලබාදී එම මාතෘකාවට අදාල වන සේ තමන් තනි වශයෙන් ,ප්රවෘත්තිමය වටිනාකමකින් පිරිණු තොරතුරු සොයා ගන්නා ලෙස කිය.
එම නිසා 28 වන දින සිට අප වෙන් වෙන් වශයෙන් විවිධ ප්‍රදේශ වලට ගොස් තොරතුරු එක් රැස් කිරීම ආරම්භ කලේය.අප කණඩායම 6 වෙනි කන්ඩායම වූ අතර අපගේ ප්‍රධාන මාතෘකාව වූයේ ව්‍යාපාර හා ආර්ථිකය වේ.ඒ යටතේ සිසුන් 6 කුගෙන් යුත් අපේ කණඩායම එක් එක් සිසුන් විවිධ මාතෘකා තෝරා ගැනුනි.එනම්,
-ධිවර කර්මාන්තය
-මෝටර්රථ කර්මාන්තය
-සංචාරක ව්‍යාපාරය
-කෘෂිකර්මාන්තය
-මුස්ලිම් ප්‍රජා ව්‍යාපාරය
-සුළු පරිමාණ ව්‍යාපාර
යනාදිය වේ.
මෙම සියලු මතෘකාවන් තෝරා ගැනුනේ යාපන නගරය මුල් කරගෙනය.
28 වන දින අප සියලු කණ්ඩායම් හට සිවිල් කටයුතු හා මහජන සබන්ධිකරන කර්යාලයේ රැස්වීමක් පැවත් වුනි.එහිදී අපට යාපනය පිළිබද විස්තර කියා දුනි.ඉන් පසු අප කණ්ඩායම් ඔවුන්ගේ කටයුතු සදහා පිටත් වී ගියේය.අපගේ කණ්ඩායම් අපගේ ගුරුවරයා සමග සංචාරක ව්‍යාපාර මතෘකාව යටතේ යාපනයේ හෝටල් සංකිර්න පිළිබද තොරතුරු ගැනීමට යාපනය Tilko Jaffna City Hotel සදහා ගියේය.එහිදී යුද්ධයෙන් පසු යාපන සංචාරක ව්‍යාපාර කෙබදු දැයි අප ඇසු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දුනි.ඉන් පසු මුස්ලිම් ප්‍රජා ව්‍යාපාර සදහා තොරතුරු ලබා ගැනීමට මුස්ලිම් පල්ලිය සදහා හා මුස්ලිම් ව්‍යාපාර කරන ස්ථාන සදහා ගියේය.පසුව දහවල් ආහාරය ගැනීමට යාපන නගරයේ අවන්හලකට ගියේය.සවස් වරුවේ අයිස් ෆැක්ටරියකට හා යාපනයේ ප්‍රධාන ධිවර ව්‍යාපාර සභාපති හමුවීම් සදහා ගියේය.
ඉන් පසු 29 වන දින උදැසන අප යාපානයේ කුර් නගර් ජැටියට යනු ලැබිණි.එහිදී ධිවර ව්‍යාපාර මාතෘකාවට අදාල තොරතුරු,ජායාරුප,සම්මුඛ සාකච්චා ගැනු ලැබිය.ඉන් පසු එළවලු ව්‍යාපාර කරන සිසුවියට අවශ්‍ය තොරතුරු ගැනීම සදහා යාපනය වෙළදපොලට ගියේය.පසුව අප කණඩායමේ තිදෙනෙක් ඩේවිඩ්මොටර් සමාගමට ගිය අතර අනිත් තිදෙනා තල් සංවර්ධන මණ්ඩලයට ගොස් තොරතුරු ගැනිනි.ඒසේම අප මිදී වගා කරන වත්තකට ගියේය.පසුව දහවල් ආහාරය ගෙන සිසුන් තිදෙනෙක් sisters ලා හමු වීමට ගිය අතර අනිත් සිසුන් සිවිල් කටයුතු හා මහජන සබන්ධිකරන කර්යාලයේ වීශේශ පුද්ගලයේක් සමග සාකච්චාවක් පැවැත්වුනි.
30 වන දින අප කණ්ඩායම යාපනයේ සමාන්‍ය උසට ධිවර කර්මාන්තයේ සියලු කටයුතු රුපගත කිරීමට හැකි උස ගොඩනැගීල්ලකට ගොස් අවශය රුප රාමු ගැනීමට යාමේදී අප අකරතැබ්යකට මුහුණු දුනි.එම සිදු වීම නිසා රුප ගත කිරීමට තිබු සියලු කටයුතු අතර මග නැවතුනු ලැබිය.නමුත් අප වෙනත් මාතෘකාවට අදාල වන ජායාරුප, හා හඩ පට ගැනු ලැබිය.පසුව අප M.P චන්ද්‍ර කුමාර් සමග සාකචාවක් පැවත් වූ අතර එය රුප ගත කරේ අපෙගේ වෙනත් කණ්ඩායම ක් විය. එමෙන්ම අප ලංකාවේ කොනම ස්ථානය වන පේදුරුතුඩුවට ද ගියේය.එමෙන්ම නෙල්ලි අඩි ප්‍රදේශයේ පිහිටි සපත්තු කම්හලක් හා එම ප්‍රදේශයේ වෙළද පොලට ගියේය.අවසානයේ සවස් වරුවේ බජාජ් මෝටර් රථ ස්ථානයකට ගොස් අවශ තොරතුරු ලබා ගත්තේය.එසේම එහිදී අප DAN සැටලයිට් ආයතනයට ගියේය.
අපගේ අවසාන දවස වන 31 වන දින අප සියලු දෙනා බලාපොරෝතුවෙන් සිටියේ නාගදීපය වැදීමට යාමටය ,නමුත් අධික ජනතව නිසා නාගදීපයට යාමට අපට නොහැකි විය.එසේම 30 වන දින අපට කිරීමට නොහැකි වූ දේ කිරීම සදහා අපගේ හිතවත් කණ්ඩායම කින් කැමරාවක් රැගෙන අපගේ වැඩ කටයුතු ටික කරනු ලැබිය.එනම් සංචාරක ව්‍යාපාරට අදාල වන කරුණු ගැනීමට අප නැවතී සිටි Gnnams Hotel, Subash Hotel ,Green Grass hotel යනාදී ස්ථාන සදහා ගියේය.තවද Green Grass Hotel එකේදී අපහට ආචාර්ය ජයන්ත ධනපාල මහතා මුනගැසිමට අවස්ථාව ලැබුණි . එසේම මුස්ලිම් ජනතාවගේ තොරතුරුද අප එදින ගත්තේය .එසේම අප කණ්ඩායම කැසුරිනා වෙරල තිරයට ගොස් සතුටු විය.එදීන සවස් වරුවේ නල්ලුර් කෝවිල් ගොස් යාපනය පුරා ඇවීදිනු ලැබිය.
නැවත කොලබ ඒමට ඇති නිසා හෝටලයට පැමිණ ආහාර රැගෙන සියලු බඩුබාහිර රැගෙන අප නැවති සිටි හොටලෙන් රාත්‍රි 8.00 ට පමණ කොලබ බලා ඒමට පිටත් විය.
මෙම චාරිකාව අතර තුර අප මුහුණ පැ ගැටළු -:
1.අනුරපුර සාලියපුරදී අප ගමන් ගත් බස්රථයට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් වීදුරුවක් බිදුණු නමුත් කිසිම් කෙනෙකුට තුවාල නොවිය.
2.අපගේ කණඩායම්ට අයත් කැමරාව අක්‍රිය වීම නිසා අපගේ 30 වන දිනට අදාල සියලු වැඩකටයුතු ඇණ හිටීම්.
3.යාපනයේ දේශගුණය හා මහන්සි වීම මත අප කණඩායම් කීපදෙනකු අසනීප විය.
No comments:
Post a Comment